ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරන ලද තෛපොංගල් දින උත්සවයක් හැටන් ශ්‍රී මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේදී අද(17) දින උදෑසන පවත්වා තිබෙනවා.
දිවයින පුරා වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකික තාරුණ්‍යයන් අතර ආගමික සහ ජාතික සංහිඳියාව ඇති කිරීමේත් ශ්‍රී ලාංකීය තරුණ්‍යයට අභිමානවත් ජාතියක් ලෙස අනාගතයට පියමං එසවීමේ ඉඩ හසර සලසමින් “සමගිය වපුරමු රටටම අස්වමු” යන තේමාව යටතේ ජාතික යොවුන් තෛපොංගල් දින උත්සවය පවත්වා තිබෙනවා.
මෙම තෛපොංගල් දින උත්සවය ආගමික වතාවත් හැටන් ශ්‍රී මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් සිව ශ්‍රී සත්ගුණ සංමධුර කුරක්කල් විසින් පැවැත්වීමෙන් අනතුරුව හින්දු සංස්කෘතිකාංග රැසක්ද එම කෝවිලේදී පැවත්වා තිබෙනවා.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනෙවිය සහ ජාතික තරුණ සේවා සභාවේ සබාපති ශ්‍රී ලංකා තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ දසුන් විජේරත්න මහතාද එක්ව තිබෙනවා.

















