ජාතික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පාසල් පවරා ගැනීම නතර කර තිබෙනවා.
එමෙන්ම එම පාසල් මින් ඉදිරියට ජාතික පාසල් ලෙස නම් නොකිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන්.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම පාසල් ප්‍රමුඛ පාසල් ලෙස සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ජාතික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරුණා .
මෙම වැඩසටහන යටතේ එකී කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගත් පාසල් කිහිපය එලෙසින්ම පවත්වාගෙන යාමට ද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍යාංශයේ නව තීරණයට අනුව සංවර්ධනය කෙරෙන ප්‍රමුඛ පාසලක් වටා පාසල් පහක් හෝ හයක් වන ලෙස පාසල් පොකුරක් ඇති කිරීමට නියමිතයි.
එම පාසල් පොකුරට ප්‍රමුඛ පාසලේ පහසුකම් ලබා දෙනු ඇති.
උණුසුම් පුවත්
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ආණ්ඩුවේ හැංගිච්ච අරමුණු ගැන විමල්ගෙන් අනාවරණයක් – VIDEO –
- ඇමති ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! – VIDEO –
- දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?
- NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
- ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…













