ජර්මනියේ සොලින්ජන් නගරයේ උත්සවයකදී තියුණු ආයුදකින් පහරදී පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවලා ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.
සොලිජන් නගරය ස්ථාපනය කර වසර 630ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබු උත්සවකදීයි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ.