ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ ජනාධිපති කුසළාන වයස
අවුරුදු 25 න් පහල වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව හිමි කර
ගැනීමට දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජය සමත් වී තිබෙනවා.
එහි කාන්තා ශූරතාව හිමි කර ගත්තේ මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජයයි.
තරගාවලිය පැවැත්වුණේ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීයි.
කාන්තා අවසන් තරගයට මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ මහව විජයබා
ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා තිබුණා.
ඉන් වට 3 ට එකක් ලෙස ජය වාර්තා කළේ මහඋස්වැව රතනපාල ක්‍රීඩා
සමාජයයි.
මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජයේ ප්‍රීතිකා ප්‍රභෝදිනි දක්ෂතම ක්‍රීඩිකාව වනවා.
තරගාවලියේ පිරිමි අවසන් තරගයට දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජය සහ
රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා තිබුණා.
එහිදී වට 3 ට 2 ක් ලෙස ජය හිමිකර ගත්තේ දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජයයි.
රන්තරු ක්‍රීඩා සමාජයේ එස්.ආර්.දිසානායක තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා
වනවා.
උණුසුම් පුවත්
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට













