ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ ජනාධිපති කුසළාන වයස
අවුරුදු 25 න් පහල වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව හිමි කර
ගැනීමට දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජය සමත් වී තිබෙනවා.
එහි කාන්තා ශූරතාව හිමි කර ගත්තේ මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජයයි.
තරගාවලිය පැවැත්වුණේ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීයි.
කාන්තා අවසන් තරගයට මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ මහව විජයබා
ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා තිබුණා.
ඉන් වට 3 ට එකක් ලෙස ජය වාර්තා කළේ මහඋස්වැව රතනපාල ක්‍රීඩා
සමාජයයි.
මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජයේ ප්‍රීතිකා ප්‍රභෝදිනි දක්ෂතම ක්‍රීඩිකාව වනවා.
තරගාවලියේ පිරිමි අවසන් තරගයට දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජය සහ
රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා තිබුණා.
එහිදී වට 3 ට 2 ක් ලෙස ජය හිමිකර ගත්තේ දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජයයි.
රන්තරු ක්‍රීඩා සමාජයේ එස්.ආර්.දිසානායක තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා
වනවා.
උණුසුම් පුවත්
- රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
- ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
- ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි
- කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට
- අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- නීතිඥවරයෙකුගේ රථයකට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට
- ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්











