ජනාධිපතිවරයා විසින් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා .
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ මතුව ඇති ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතා අවම කරමින් ඔවුන්ට කඩිනම් සහන සැලසීමට එමගින් ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවයි .
ඒ අනුව දිළිඳු පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහි දී සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමටත් , මහ කන්නයේ වී මිලදී ගැනීමටත්, අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා .
එමෙන්ම රාජ්‍ය සේවයෙන් 2022 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට විශ්‍රාම ගත් 18,000කගේ හිඟ විශ්‍රාමික පාරිතෝෂික කොටස් වශයෙන් ගෙවාගෙන යෑමටත් කැබිනට් මණ්ඩල තීරණය කර ඇති බව වාර්තා වනවා.
මේ අතර අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටත් කැබිනට් මණ්ඩලයේ දී තීරණය වුණා .