ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා.
ඒ චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදී.
මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රටවල් රැසක නායකයෝ එක්ව සිටිනවා.
ශැංහයි සහයෝගිතා සංවිධානය ලොව විශාලතම කලාපීය සංවිධානයයි.
මේ වනවිට රටවල් 26ක් ඊට එක්ව සිටින අතර, 50කට වැඩි ක්ෂේත්‍රවල සහයෝගීතා පවත්වා තිබෙනවා.
ගෙවී ගිය වසර 24 තුළ, ශැංහයි සහයෝගිතා සංවිධානය සාර්ථක ජයග්‍රහණ රුසක් අත්කර ගෙන ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රකාශකර සිටියා.
වෙනස් වන ලෝකය හමුවේ, සියළු සාමාජික රටවල් එම සංවිධානයේ අරමුණු අනුගමනය කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම ශැංහයි සහයෝගිතා සංවිධාන සංවර්ධන බැංකුව කඩිනමින් ස්ථාපිත කරමින් ආර්ථික සංවර්ධනය සහතික කළ යුතු බව ද ඔහු සඳහන් කළා.