දිට්වා සුළි කුණාටුවත් සමග හැටන් අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලයේ පහත් බිම්වල පිහිටි ගොඩනැගිලි හයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් ඊයේ(10) දින පස්වරුවේ පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
පාසලේ පන්ති කාමර කිහිපයක් සහ උසස් පෙළ විභාගය පවත්වාගෙන යන ගොඩනැගිලි කිහිපයක් තුළින් ජලය මතු වී ගිලා බැසීමේ අවදානමක් පවතින බවට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයාට සිදු කරන ලද දැනුම්දීමක් මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් එම පාසල වෙත පැමිණ පරීක්ෂාව සිදු කර තිබෙනවා.
ශාන්ත මේරිස් විද්‍යාලයේ ක්‍රීඩාංගනයට සමාගමීව එම ගොඩනැගිලි හය ඉදිකර ඇති අතර එම ක්‍රීඩාංගණය අසලින් බි්‍රඩ්වෙල් ඔය කෙසෙල්ගමු ඔයට ගලා බසියි.
කාසල්රී ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගලන සෑම අවස්ථාවකම ශාන්ත මේරිස් විදුහලේ ක්‍රීඩාංගනය සහ එම ගොඩනැගිලි හය නිරන්තරයෙන් ජලයට යටවනවා.
පසුගිය දිනවලද පැවැති වර්ෂාවත් සමග එම පාසල් ක්‍රීඩාංගණය සහ ගොඩනැගිලි ජලයෙන් යටව තිබුණා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් එම ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී ඇතැම් ගොඩනැගිලි තුළින් ජලය කාන්දු වන බවට නිරීක්ෂණය වී ඇති අතර එම පාසලේ ගොඩනැගිලි සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරි දිනවලදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය වෙත ලබාදෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් පැවසූ බවයි එම විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේ.













