ගාල්ල, ගිංතොට මෝයකට අසල දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස මිය ගොස් ඇත්තේ ගිංතොට, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.
මිය ගිය තරුණයා ගිං ගඟේ මෝය කට අසල දිය නෑමට ගොස් අතුරුදහන්ව ඇති අතර පසුව ප්‍රදේශවාසීන්, නාවික හමුදාවේ කිමිදුන්කරුවන් සහ පොලීසිය එක්ව තරුණයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුණා. එහිදී කිමිදුන්කරුවන්ට තරුණයාගේ මළ සිරුර හමු වී ඇති අතර සිරුර ගොඩට රැගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.