ගැබ්බර මුව දෙනක් ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේදී ගැබ්බර මුවදෙනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් සහ සිවිල් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනුණා.
අත්අඩංගුවට ගැනුණු පිරිසෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වූ තොරුතුරු මත තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද(26) ඉදිරිපත් කිරීමෙන් පසුව දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් දුලාංජලී සිතුමිණි මහත්මිය නියෝග කර ඇත්තේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
අත්අඩංගුවේ පසුවන එක් සැකකරුවෙක් අසනීප තත්ත්වයක් හේතුවෙන් දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මුවදෙන ඝාතනයට යොදාගත් ගිනි අවි තුනක් දඹුල්ල සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සිවිල් පුද්ගලයන් දෙදෙනා මුවදෙන ඝාතනය කිරීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු ගොනු කර ඇති අතර සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා මුවදෙන ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ නඩු ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.