නව යුධ මෙහෙයුම හේතුවෙන් ගාසා තිරයේ ජිවත් වන ජනතාවගේ තත්වය ඉතා අවධානම් සහගත වී ඇති බව ජාත්‍යන්තර රතු කුරැස කමිටුව පවසනවා.
ඊශ්‍රායලය ගාසා නගරය අත්පත් කර ගැනීමේ ගොඩබිම් ප්‍රහාර ආරම්භ කිරීමත් සමගයි රතු කුරැස කමිටුව මේ බව ප්‍රකාශ කලේ.
ගාසා තිරයේ වෙසෙන මේ වන විටත් මිලියන දෙකයි දශම එකක ජනතාවක් වාසය කරනු ලබනවා.
මෙවන් පසුබිමක ගාසා තීරයේ කාන් යුනිස්හි උමගක් තුළ සැගව සිට හමාස් සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කරන වීඩියෝවක්ද ඊශ්‍රායල ආරක්ෂක අංශ මාධ්‍යට නිකුත් කළා.
ගාසා නගරය අත්පත් කර ගැනීමේ දෙවන අදියර නම් කර ඇත්තේ ඔපරේෂන් ගිඩ්යොන්ස් චැරියට්ස් ලෙසයි.
මෙය ගාසා නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීමේ සැලැස්මේ පළමු අදියර වනවා.
ඊශ්‍රායලය ගාසා තීරයේ තදාසන්න ප්‍රදේශවල පාලනය මේ වන විට අත්පත් කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් ක්‍රැට්ස් විසින් ගාසා නගරය අත්පත් කර ගැනීම සඳහා සැලැස්මක් අනුමත කර තිබුණා.
එම මෙහෙයුම සදහා අතිරේක හමුදා භටයින් 60,000 ක් පමණ කැඳවා ඇති බව විදෙස් වාර්තා සදහන් කලා.
මේ අතර, හමාස් සංවිධානය චෝදනා කළේ, අහිංසක සිවිල් වැසියන්ට එරෙහිව කුරිරු යුද්ධයක් ආරම්භ කිරීම සඳහා ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම ප්‍රතික්ෂේප කර ඇති බවයි