ගාල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.
මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාන්තාවන් හතරදෙනෙකුගේ ඇඟේ ගැටී මෙන් මෙම අනතුර සිදුව ති බව සඳහන්.
ඉන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් හතරදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී එක් අයෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.