පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය මුල් කර ගනිමින් ගර්භණී කාන්තාවන්ට රුපියල් 5,000ක පෝෂණ දීමනාව ලබා දීම අද සිට ආරම්භ වුණා .
ඒ වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දීයි .
සංකේතාත්මකව මෙම පෝෂණ දීමනාව ලබාදීමේ අවස්ථාව එහිදී පැවැත්වුණේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් .
2025 වසරේ නොවැම්බර් මස 30 වන දාට පෙර මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා මෙම දීමනාව එක් වරක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.
අදාළ දීමනාව බෙදාහැරීම අද සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ද සිදු කිරීමට නියමිතයි .
මෙහි සමාරම්භක අවස්තාවක එක් වෙමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවේ දෙලක්ෂ අසූ හතර දහසක් පමණ වූ දිවයින පුරා සිටින ගර්භනී මව්වරුන්ට මෙම දීමනාව ලබා දීමට සැලසුම් කර ඇති බවයි .













