අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමන්රත්න නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමියේ තිබී සොයාගෙන තිබෙනවා.
නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙනවිත් තිබුණා.
මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළේ.