පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳ සැලක් මතට අද(22) පෙරවරුවේ සිදු වූ නායයාමත් සමගින් වසා දැමී දැමුණු කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම්. හේරත් මහතා පවසනවා.
නායයාම සිදු වූ ස්ථානයේ විශාල ගලක් කොන්ක්‍රීට් කණු අතර රැඳී පැවතීම හේතුවෙන් අනතුර සිදු වූ ස්ථානයේ මාර්ගය විවෘත කළ නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් එම ගල කුමන අවස්ථාවක පහළට පැමිණීමේ අවදානමක් ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ.
එම නිසා එම මාර්ගය හරහා ගමන් ගන්නා රථ වාහන විකල්ප මාර්ග හරහා ධාවනය කරවීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියා.
කෙසේ වෙතත් ඉරිදා පස්වරුව වන විට කෙසේ හෝ මාර්ගය විවෘත කර ගැනීමට උත්සාහ කරන බවද ඔහු කියා සිටියා.












