මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් සිදු කර ඇති බව පොලිසිය පවසනවා.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හරහා අදියර දෙකක් යටතේ නොවැම්බර් 01 වැනිදා සිට ජනවාරි මස 31 වන දින දක්වා පාලමක් ඉදිකිරීමට නියමිතව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව මෙහි පළමු අදියරයේදී කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් මංතීරු දෙකකින් යුත් කොළඹ සිට නුවර දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරන බවයි පොලිසිය පවසන්නේ.
දෙවැනි අදියර යටතේ නුවර දෙස සිට කොළඹ දෙසට පාලම ඉදිකිරීම් සිදු කරන බැවින් එම කාලය තුළ මංතීරු දෙකකින් යුත් නුවර සිට කොළඹ දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරන බවයි පොලිසිය පවසන්නේ.
එම නිසා එක් මං තීරුව බැගින් වසා තබන දිශාවට ක්‍රියාත්මක වන බැවින් මෙම සම්පූර්ණ කාලය තුළ එම මාර්ගයේ වාහන තදබදයක් ඇතිවීමට ඉඩකඩ ඇති බවයි පොලිසිය පවසන්නේ.
එබැවින් එහි ඉදිකිරීම් සිදු කරනු ලබන කාලය තුළ කොළඹ මහනුවර මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් කඩවත පිටත වටරවුම් මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.













