කොළඹ – මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව බිං ගෙයට ආසන්න ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබෙනවා.
අදාළ නායයාම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නිවසක් සහ වෙළෙඳ සැලක් මතට ගල් පෙරලීම හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් හතර දෙනෙක් තුවාල ලැබුවා.
එසේම මාර්ගයේද කොටසක් නායයාමට ලක්ව තිබුණා.













