ගලබඩවත්ත, කොරතොට ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලෙස පැමිණි පිරිසක් විසින් මෙම පුද්ගලයා නිවසෙන් රැගෙන ගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු යැයි සැලකෙන පුද්ගලයා හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.
විදේශගතව සිට මෙරටට යළි පැමිණීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන පාලකවරයාට ලබාදී තිබූ අධිකරණ නියෝගයකට අනුවයි.
බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද(02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධය සිදු කිරීමට පැමිණි යතුරු පැදිකරු හා රිවෝල්වරයක් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම අපරාධයේ වෙඩික්කරු ඩුබායි රටට පලාගොස් ඇති බවට වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.