ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සිතයේදී අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (03) දැනුම්දී තිබෙනවා.
හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව අධිකරණය හමුවේ කියා සිටියා.
අදාළ පෙත්සම ගොනු කර තිබුණේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින්.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ශ්‍රී ලංකා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ලයනල් ගුරුගේ මහතා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම් යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.