හේවා පේඩිගේ දිනූෂ චතුරංග නොහොත් ‘කෙසෙල්වත්තේ දිනුෂ’ නමැති සංවිධානාත්මක අපරාධකරුට එරෙහිව දින 90ක රැඳවුම් නියෝග ලබාගත් බව කෙසෛල්වත්ත පොලිසිය පවසනවා.
ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදි ඉන්දියාවේ චෙන්නායි නුවර කොච්චි ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන ඔහුව මෙරටට පිටුවහල් කර තිබුනා .
ඒ, ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියෙන් මෙම රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකරු ඉදිරිපත් කර රැඳවුම් නියෝග සදහා අවසර ලබා ගත් බව ද පොලිසිය පැවසුවා
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව විවෘත වරෙන්තු ප්‍රකාරව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදී සැකකරු එලෙස අත්අඩංගුවට පත්වුණා.
මෙම සැකකරු ඉකුත් 2023 වර්ෂයේදී වෙනත් පුද්ගලයකුගේ නමින් සකසා ගත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා .













