බිබිල ප්රදේශයේ සිට පැමිණ කිරින්ද වෙරළ අයිනේ ගලක් මත වැඩි වී සිටි තරුණියන් පස් දෙනකුගෙන් තිදෙනකු ගසාගෙන ගොස් තිබෙනවා.
එසේ ගසාගෙන යන විට එක් තරුණියක බේරා ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
තරුණියන්ගෙන් එක් තරුණියකගේ සිරුර සොයාගෙන ඇති අතර අනෙක් තරුණියගේ සිරුර අතුරුදහන්ව ඇති බවයි වාර්තාවන්නේ.
කිරින්ද වෙරළ අයිනේ ගලක්මත වාඩි වී කතා බස් කරමින් සිටියදී එකවර ආ විශාල රළකට මෙම පිරිස අසුව තිබෙනවා.
මුහුදේ තද රළු ගතිය නිසා අතුරුදන් සිරුර සෙවීම අපහසු වී ඇතැයි ද ප්රදේශවාසීහු පවසනවා.