වැවක දියනාමින් සිටි දැරියක් කිඹුලෙකු විසින් ඩැහැගෙන යාමේ පුවතක් මරදන්කඩවලින් වාර්තා වනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(19) දහවල් මරදන්කඩවල, හිනුක්කිරියාව වැවේ දියනෑමට ගිය දැරියක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට මරදන්කඩවල පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කෙරුණු බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 9ක් වූ ගනේවල්පොල ප්‍රදේශයේ පදිංචි දැරියක් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
මියගිය දැරිය තම මිත්තණිය සමග හිනුක්කිරියාව වැවේ දියනාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
පසුව ගම්වාසීන්, පොලිස් නිලධාරීන් සහ වනජීවි නිලධාීන් විසින් වැවට බැස දැරිය සෙවීමේදී කිඹුලා විසින් ඩැහැගත් දැරිය අතහැර දමා ගොස් ඇති අතර දැරිය මරදන්කඩවල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














