2018 වසරේ සිට මේ දක්වා කැස්බෑ පැටවුන් 15,019 දෙනෙකු සාගරයට මුදාහැර ඇති බව නාවික හමුදාව පවසනවා.
එහි මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මෙලෙස කැස්බෑ පැටවුන් සාගරයට මුදාහැර ඇති බවයි.
පසුගිය 11 වැනිදා ද කැස්බෑ පැටවුන් 97 දෙනෙකු සාගරයට මුදාහළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.
වඳවී යන සත්ත්ව විශේෂයක් ලෙස සැළකෙන කැස්බෑවන් සංරක්ෂණය කර සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරිම සඳහායි මෙම වැඩසටහන නාවික හමුදාව ආරම්භ කර ඇත්තේ.