පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා .
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි .
අලුත් අවුරුද්දෙන් අනතුරුව පැවැත්වෙන පලමු පක්ෂ නායක රැස්වීමද මෙය වනවා .
ඒ අනුව මෙම රැස්වීමට සහභාගීවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවද සදහන් .
මේ අතර අලුත් අවුරුද්දෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන 25 වනදා පැවැත්වෙනු ඇති .
එදිනට ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා .
ඒ අනුව අදාළ පනත මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන් .
කෙසේවෙතත් 20වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි .
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













