කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් සහිත කණුවක ගැටී අද(14) දින අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් එම කැබ් රථයේ ගමන් ගත් රියදුරා සහ පසුපස ගමන් ගත් අයෙක් තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවයි නානුඔය පොලිසිය පවසන්නේ.
හැටන් – නුවරඑළිය මාර්ගයේ නානුඔය බංගලාහත ප්‍රදේශයේ අද(14) උදෑසන හයට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබනව නානුඔය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සැක පළ කරන්නේ නානුඔය ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සහ දැඩි මීදුම් තත්ත්වය හමුවේ ධාවනය වෙමින් තිබූ කැබ් රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන දුකරකථන රැහැන් සහිත කණුඩුවේ ගැටී අනතුරවට සිදුවන්නට ඇති බවටයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි පිරිසක් වන අතර අනතුරෙන් කැබ් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
පවතින දැඩි අයහපත් කාලගුණය සහ මීදුම් තත්ත්වය හමුවේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස නානුඔය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.