කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් පිටවන දුමාරයෙන් ආරක්ෂා වීම සදහා එරට ජනතාවට මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.
උතුරු ඇමෙරිකාවේ බොහෝ පිරිසක් ලැව් ගිනි හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්වීමට සිදු ව ඇති බව සදහන්.
එන් නයින්ටි ෆයිව් වර්ගයේ මුව ආවරණ පළඳින්නැයි කැනඩා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවය ද වාර්තා වනවා.
නිව්යෝර්ක් නගරයට ද ලැව් ගිනිවලින් පිටවන දුමාරය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.