ඉන්දියාවට ඇඳ හැලෙන මෝසම් වැසි හේතුවෙන් දකුණු මුම්බායි නුවර පළාත් රැසක් ගංවතුරෙන් යටව තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු මුම්බායි නුවර නිවාස, කඩසාප්පු සහ මහමාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.
දකුණු මුම්බායි නුවර කිං එඩ්වර්ඩ් අනුස්මරණ රෝහලේ බිම් මහල ද ජලයෙන් යට වීම හේතුවෙන් රෝහල් කටයුතු ද අඩාල වී තිබෙනවා.
එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මෙවර මෝසම් වර්ෂාව අපේක්ෂා කර ඇත්තේ ජූනි මස 11 වැනිදාට බවයි.
පසුගිය ඉරිදා දිනයේ පැය 13 ක කාලයක් පුරා මිලිමීටර් 250 කට අධික ධාරානිපාත වර්ෂාව ඇද හැලීම මෙම ගංවතුර තත්ත්වයට හේතු වූ බව ද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.