
මෙම දිනවල ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ අද උදෑසන වන විට කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ලගා වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසනවා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 1.2ක් දක්වා ලගා වී ඇති අතර, මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3.4ක් දක්වා ලගාවී ඇති බවයි. ඒ අනුව, වාන් දොරටු විවෘත කිීරිමට ආසන්න බැවින් මස්කෙළි ඔය ජලාශය දෙපස පදිංචිකරුවන් සැළකිලිමත්ව සිටින ලෙස ඉල්ලා සිටිනවා.














