කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රත්ගම හන්දිය ආසන්නයේදී ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අනතුරෙන් පදික කාන්තාව තුවාල ලබා ගාල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ බූස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 77ක් පමණ වන කාන්තාවක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.