ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස තාරුණ්‍යයේ හදින්ම ප්‍රසිද්ධියට පත් ශිහාන් මිහිරංග සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයකට යොමු වී තිබුණා. ඔහුගේ ගීතවලට ආදරය කරන රසිකයන් අතරින් අශ්නික සිල්වා නම් තරුනයෙක් පසුගිය දිනයකදී කළ ප්‍රකාශයක් මෙයටට ප්‍රධාන හේතුව වී තිබේ.
ශ්‍රව්‍ය–දෘශ්‍ය වේදිකාවලදී ශිහාන්ගේ ගීත ගායනය කරමින් ජනප්‍රියත්වයට ළඟා වූ අශ්නික සිල්වා, සමාජ මාධ්‍ය හරහා කළ එක්තරා ප්‍රකාශයක් නිසා විවේචන ලක්වුණා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් ශිහාන් මිහිරංග ප්‍රසංගයක් අතරතුර ප්‍රතිචාර දක්වනු ලැබූ අවස්ථාව වීඩියෝවක් සමාජ මාධ්‍යවල දැඩි ලෙස ව්‍යාප්තව තිබුනා.
වේදිකාවේ සිටි ශිහාන්, තමන් නිහතමානී ලෙස අශ්නිකට සැලකුවත්, ඔහුගේම මව ගැන අශ්නික කළ නොසැලකිලිමත් ප්‍රකාශය පිළිබඳ දැඩි අප්‍රසාදයක් ඇති බව එහිදී පැවසීය.
එමෙන්ම ,අශ්නිකට ප්‍රසංගයෙන් පිටවන ලෙසද ඔහු කියා සිටියා.ශිහාන්ගේ එම ප්‍රකාශය රසිකයන් අතර විශාල සමාජ මාධ්‍ය කතාබහකට ලක්ව තිබුණා.













