ඔන්ලයින් ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට ආරම්භ කෙරෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.
හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අයදුම් කරන්නන් සඳහා ඔවුන්ගේ ඇගිලි සලකුණු ප්‍රාදේශිය කාර්යාල තුළ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාල මගින් සිදුකර ගත හැකියි.
කෙසේවෙතත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














