Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කඩිනමින් ස්ථාපිත කිරිමට පියවර

    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කඩිනමින් ස්ථාපිත කිරිමට පියවර

    2023-06-08කියවීමට මිනිත්තු 3ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ  මහාචාර්ය එ්කක කඩිනමින් ස්ථාපිත කිරීමට අදාළව විශේෂ සාකච්ඡාවක් අද (08) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුුුණා.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සහ වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මුදිත විදානපතිරණ යන මහත්වරුන්ද එක්ව සිටියා.

    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය මේ වසරේ ආරම්භ වුු. ඒ සඳහා පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම වශයෙන්‌ මෙවර උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් වෛද්‍ය විද්‍යාව හැදැරීමට විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සිසුන් අතරින් 50 කු බඳවා ගැනීමට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තීරණය කර තිබෙනවා.

    එම සිසුන්ගේ අධ්‍යයන  සායනික පහසුකම් කටයුතු සඳහා මෙම මහාචාර්ය ඒකකය යොදා ගැනීමට නියමිත අතර, බදුල්ල ශික්ෂණ රෝහලේ මේ වනවිට ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින මෙම දසමහල් ගොඩනැගිල්ල සඳහා වන ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 1.6 කි.

    මෙම සාකච්ඡාවේ දී ගොඩනැගි ඉදිරි ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කිරිම පිළිබඳව සහ එයට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිළිබදව අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කළ අතර, ගොඩනැගිල්ලේ සිදුවිය යුතු වෙනස්කම් සිදුකිරිමට අදාළ ජාතික සැළසුම් අංශයේ උපදෙස් හා අවශ්‍ය අනුමැතිය ලබාගැනීම පිළිබදව ද සාකච්ඡා සිඳු වූ අතර මෙම ගොඩනැගිල්ල මහාචාර්ය ඒකකයට සුදුසු වන පරිදි වසරක් තුළ ඉදිකිරිම් සහ සංවර්ධන කටයුතු අවසන් කිරීමට ද තීරණය වුුුණා.

    මහාචාර්ය ඒකක ගොඩනැගිල්ලේ බිම්මහල සායනික කටයුතු සඳහා හා සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහාත්, පළමු මහල ළමා රෝග මහාචාර්ය ඒකකය, දෙවන සහ තුන්වන මහල් ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඒ්කකය සඳහාත් වෙන්කොට ඇත. හතරවන මහල ශල්‍යාගාර, සූතිකාගාර සහ හදිසි ප්‍රතිකාර එකක සඳහා වෙන්කර තිබේ. පස්වන සහ හයවන මහල් ප්‍රසව හා නාරිවේද මහාචාර්ය ඒ්කක සඳහාත්  හත්වන සහ අට මහල් කායික රෝග මහාචාර්ය ඒකක සඳහාත් වෙන් කොට ඇති අතර නවවන මහලේ ශ්‍රවණාගාරය සඳහා සැලැසුම් කර තිබෙනවා.

    පසුගිය මැයි මස වෛද්‍ය පීඨය ආරම්භ කරන ලද අතර, මෙම නව වෛද්‍ය පීඨයේ මුලික කටයුතු සම්පාදනය වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන 200 ක් 2023 වසරේ අයවැයෙන් වෙන් කොට තිබෙන අතර, විශ්ව විද්‍යාලයේ දැනට පවතින රසායනාගාර අදාල උපාධි පාඨමාලාවන් හි ප්‍රායෝගික පුහුණු සදහා යොදා ගැනෙනවා. මෙම නව වෛද්‍ය පීඨයේ මූලික සැළසුම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති අතර, එය පදනම් කරගනිමින් බදුල්ල පළාත් මහ රෝහල වෛද්‍ය සිසුන්ගේ පුහුණුවීම් සහ සායනික කටයුතු සදහා ශික්ෂණ රෝහලක් ලෙසට මෙම වසරේ මැයි මස සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

    මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් ද අල්විස්, අතිරේක ලේකම් (ඉංජිනේරු සේවා)  සාලින්ද බණ්ඩාර,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැළැසුම්) වෛද්‍ය එස්. ශ්‍රීදරන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී.විජේසූරිය යන මහත්වරුන් සහ බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න, මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ නියෝජිතයින් සහ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

    පෙර පුව​තසාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්
    ඊළඟ පුව​ත තේ දළු කිලෝවක මිල පහළට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group