සිවිල් වැසියන් සිදුකරන උද්ඝෝෂන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසිනුයි අදාළ මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත්තේ.
උද්ඝෝෂණ සහ විරෝධතා පිළිබද රාජ්‍ය සහ නීති ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව පැහැදිලි කර තිබෙනවා.
විරෝධතා පාලනයට කටයුතු කිරීමේදී සිදුවන පහරදීම් සහ විවිධ හිංසන සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පසුගිය සමයේ පැමිණිලි රැසක් ලැබී තිබුණා.
ඒ පිළිබද අවධානය යොමු කරමින් නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කළ බවයි මානව හිමිකම් කොමිසම සදහන් කළේ.













