උතුරු පළාතේ පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වනවා.
කන්කසන්තුරේ පොලිස් ස්ථානයට පසුගිය 11 වනදා දහවල් 1.15ත් 1.20ත් අතර කාලයේදී මෙම ඇමතුම ලැබී ඇති බවත් උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ල කරන බවත් ඉන් කියැවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් දක්වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.