ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරින් විශේෂ සාකච්ඡා පවත්වා තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම සාකච්ඡාවේදී ඉඩම් නිදහස් කිරීම සදහා ඇති බාධා පිළිබදව අධ්‍යයනයක කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
එමෙන්ම අත්‍යවශ්‍ය ආරක්ෂක යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි, නීත්‍යානුකූල අයිතිවාසිකම් සහිත ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත නැවත ලබා දීම පිළිබදව ද අවධානය යොමුව තිබෙනවා.













