ඊශ්‍රායලයේ ලෝරා බැලස්ටික් මිසයිල සහ අයිස් බ්‍රේකර් කෘස් මිසයිල ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
මෙම අවබෝධතා ගිවිසුම සදහා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමීර් බරාම් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් කුමාර් සිං අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
ඊශ්‍රායලයේ විශාලතම ආරක්ෂක නිෂ්පාදන ගැනුම්කරු වන ඉන්දියාව 2020 වසරේ සිට 2024 වසර දක්වා වූ කාලය තුළ ඊශ්‍රායලයේ ආරක්ෂක උපකරණ නිෂ්පාදනයෙන් සියයට 34 ක් මිල දී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර ආරක්ෂක, තාක්ෂණික සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉදිරියේදී ද අඛණ්ඩව පවත්වාගෙන යාමට අදහස් කරන බව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට














