නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 03.00ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක්කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.
එම විශේෂ දුම්රිය මෙම මස 29 දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙරවරු .05.00ට කොළඹ කොටුව දක්වා පිටත්වී කොළඹ කොටුවට පස්වරු 08.30ට ළඟා වීමට සැලසුම් සකස් කර තිබෙනවා.
එමෙන්ම කොළඹ කොටුව – කන්කසන්තුරය නගර අතර දුම්රිය එළැඹෙන 25 සහ 28 යන දිනවල ධාවනයට එක් කිරීමට නියමිතයි













