ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුවෙමින් පවතින යුද ගැටුම් තත්ත්වයන් හමුවේ එම රටවල සිටින ලාංකිකයන්ට කිසියම් හදිසි අවස්ථාවකදී සම්බන්ධ විය හැකි දුරකථන අංක කිහිපයක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් හඳුන්වාදී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජය දූත මණ්ඩල ප්‍රධානියා සමග සම්බන්ධ වීමට 071 844 7305 යන දුරකථන අංකය හරහා හැකියාව ඇති බවයි.
එසේම 071 683 3513 යන දුරකථන අංකය ඔස්සේ එහි කම්කරු සුබසාධනය පිළිබඳ උපදේශකවරයා සමග සම්බන්ධ විය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ 071 974 2095 යන දුරකථන අංකය ඔස්සේ තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධනය පිළිබඳ දෙවන ලේකම්වරයා සම්බන්ධ කර ගත හැකි බවයි.
එසේම 0098 939 205 5161 යන වට්ස්ඇප් අංකය ඔස්සේ ටෙහෙරාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ භාරකාර කේ.ජී.යූ. ලක්මාල් මහතා සම්බන්ධ කර ගත හැකි බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
සුපරීක්‍ෂාකාරී ආරක්ෂා සහිතව සිටින් ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග සම්බන්ධතා පවත්වන ලෙසට එම කලාපයන්හි පදිංචිව හෝ සංචාරය හෝ රැකියා කරනු ලබන සියලුම ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙනවා.