ළමා හිංසන, ළමා අපයෝජන, නොසලකා හැරීම් සහ පසු විපරම් නොකිරීම හේතුවෙන් ළමුන් කායික හා මානසික පීඩා වලට ගොදුරු වූ අවස්ථාවන් රැසක් පසුගිය කාලයේ වාර්තා වී තිබුණා.
මෙම තත්ත්වය මගහරවා ගනිමින් ළමයින් සුරක්ෂිත කිරීමේ කාලීන අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ළමා රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට —Child First˜ නමින් නව ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාවට නංවා තිබෙනවා.
“ළමයාගේ ආරක්ෂාව භාරකරුවන්ගේ වගකීමයි” යන තේමාව අරමුණු කර ගනිමින් ළමුන්ගේ භාරකාරිත්වයේ කුසලතා හා වගකීම පැහැදිලි කරමින් ළමුන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් ප්‍රජා පොලිස් කොට්ඨාසය මගින් දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය මේ සමගකටයුතු අරඹා තිබෙනවා.
මෙහි පළමු වැඩසටහන ගල්කිස්ස පොලිස් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් ඊයේ උදෑසන ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂණ දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජාසිංආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මොරටුව බෞද්ධ මන්දිරයේදී පැවැත්වුණා.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට මොරටුව මහා විද්‍යාලයේ සිසුන් හා දෙමවුපියන් 700 ක පමණ පිරිසක් සහභාගී ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













