ඉරාන – පකිස්තාන ගෑස් නල මාර්ග ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අත්හිටුවන ලෙස පකිස්ථානය ඉරානයට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
එම මාධ්‍ය වාර්තා කළේ ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් එම ව්‍යාපෘතිය අත්හිටුවීම ඉරානයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.
රාජ්‍ය පාලනයෙන් පිටත බාහිර සාධක හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය අත්හිටුවන බවයි පකිස්තානය දැනුම් දී ඇත්තේ.
කෙසේවෙතත් ඉරානය දැනටමත් ඔවුන්ට අයත් කොටසක නල මාර්ග එලීමේ කටයුතු රැසක් අවසන් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ජාත්‍යන්තරය විසින් ඉරානයට පැනවූ සම්බාධක හමුවේ එම නල ව්‍යාපෘතියට බාධා එල්ල වූ අතර එම කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමට පකිස්තානයට හැකි වූයේ නැහැ.
උණුසුම් පුවත්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට













