මෙරට මුහුදු තීරයට අනවසරෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරත වු ඉන්දීය ධීවරයින් 21ක් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසර ධීවර කටයුතුවල යෙදි සිටියදී මෙම ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ යාත්‍රා දෙකක් ද සමඟයි.
උතුරු නාවික විධානයේ නිලධාරීන් මගින් තම භාරයට ගත් මෙම ඉන්දීය ධීවරයින් 21ක් දෙනා සහ යාත්‍රා දෙක කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව යාත්‍රා හා ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමටයි නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
මෙම වසරේ මේ දක්වා වු කාලය තුළ මෙරට මුහුදු තීරයට අනවසරෙන් ඇතුලු ඉන්දීය ධීවර යාත්‍රා 18ක් සහ ධීවරයින් 146 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- ගාසා සටන් විරාමය යලිත් ඇරඹෙයි
- නීතිවිරෝධී වත්කම් විමර්ශනයට පොලිසියෙන් නව ඒකකයක්
- තලවකැලේදී තරුණයන් දෙදෙනෙක් යටකරගෙන යයි
- නිවසක් මතට පැති බැම්මක් කඩා වැටීමෙන් නිවසට දැඩි අලාභ
- පාන්දරට අහස බලන්න – ඇස් අදහා ගන්න බැරි වෙයි !
- ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර හමුවක් !
- මියන්මාරයේ සයිබර් කඳවුරක් වටලයි – 2200 ක් අත්අඩංගුවට
- අයහපත් කාලාගුනයෙන් දිස්ත්‍රික්ක තුනකට දැඩි බලපෑම් ! – VIDEO –