අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක් අනීතිකව අත්පත් කරගෙන ඇති බවට වෙනිසියුලානු රජය චෝදනා කරනවා.
අමෙරිකානු ආරක්ෂක අංශ මඟින් වෙනිසියුලානු තෙල් නෞකාවක් සිය භාරයට ගත් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලානු රජය මෙම චෝදනාව සිදුකර තිබෙනවා.
වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අදාළ නෞකාව සිය භාරයට ගෙන තිබුණා.
ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට සහාය දක්වන නීතිවිරෝධී තෙල් නැව් ජාලයට සම්බන්ධ නෞකාවක් ආරක්ෂක අංශ මෙලෙස සිය භාරයට ගත් බවයි අමෙරිකාව සදහන් කරන්නේ.













