නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අමෙරිකාවට පැමිණෙන බව ඇසීමෙන් තමන් ඉතා උද්යෝගයට පත් වූ බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති එරික් ගාර්සෙටි පවසනවා.
මෙම වසර තුළ කළ හැකි දේ සම්බන්ධයෙන් දෙරට අතර පොරොන්දු රැසක් ඇති බවයි ඔහු පැවසුවේ.
75 වසරක ඉතිහාසය තුලදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු අමෙරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන 03 වන අවස්ථාව මෙය වන බව ද ඔහු සඳහන් කළා.
ඉදිරියේදී කුමක් ද කළ හැක්කේ යන්න සම්බන්ධයෙන් දෙපාර්ශවයටම සුබවාදී බලාපොරොත්තු ඇති බවයි ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයා සඳහන් කළේ.
වෙළඳ, සංචාරක වීසා ඇතුළු සේවා ඔස්සේ ඉදිරි වසර 50 ක කාලයක් සඳහා වුව ද ඉන්දු අමෙරිකානු සබඳතා ඉදිරියට ගෙන යා හැකි බවයි ඔහු සඳහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජූනි මස 22 වනදා රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට













