බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව විද්‍යාව සහ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සහයෝගීතාව සඳහා වන ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ඒ, ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං සහ බ්‍රිතාන්‍යයේ විද්‍යා අමාත්‍ය ජෝර්ජ් ෆ්‍රීමන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
අත්සන් තැබු මෙම අවබෝධතා ගිවිසුම මගින් ආර්ථික වර්ධනයට හේතු වන විද්‍යාව පිළිබඳ වේගවත් හා ගැඹුරු සහයෝගීතාවයක් ඇති කිරීමට හැකි වනු ඇති.
ඒ හරහා ඉන්දියාව සහ බ්‍රිතාන්‍යට ලොව පුරා, විද්‍යා, නවෝත්පාදන සහ තාක්ෂණය යන අංශවලින් නව රැකියා උත්පාදනය කිරීමට අවස්ථාව හිමිවනවා .
එමෙන්ම නව ගිවිසුම හරහා ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය එක්ව දේශගුණික විපර්යාස, වසංගත සඳහා සූදානම මෙන්ම කෘතිම බුද්ධිය වැනි විවිධ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි ද වාර්තා වනවා
උණුසුම් පුවත්
- වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
- ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














