ඉන්දියාව සමග වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට අමෙරිකාව සුදානම වනවා. ඉන්දියාව සහ අමෙරිකාව අතර ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදු කර තිබෙනවා.ඒ අමෙරිකානු වාණිජ ලේකම්වරියගේ ඉන්දිය සංචාරය අතරතුරදීයි.
දෙරටේ පුද්ගලික ආයෝජන දිරිගැන්වීම හා දෙරට අතර වෙළඳ කටයුතු සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ද අමෙරිකානු වාණිජ ලේකම්වරියගේ ඉන්දීය සංචාරයේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් ව තිබෙනවා.
එමෙන්ම අමෙරිකානු වාණිජ ලේකම්වරිය සිය ඉන්දියානු සංචාරය සඳහා පැමිණ තිබුණේ අමෙරිකාවේ ඉහළ පෙළේ සමාගම් 10 ක ප්‍රධාන විධායක නිලධාරීන් සමග වීම විශේෂත්වයක්.
තාක්ෂණික උපකරණ වෙළඳපල වෙත කෙරෙන සැපයුම් ඉහළ නැංවීම සහ ගෝලීය සැපයුම් ජාලයේ ප්‍රමුඛ හවුල්කරුවන් වීම අමෙරිකාවේ සහ ඉන්දියාවේ අපේක්ෂාවයි.
උණුසුම් පුවත්
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්













