පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ ඖෂධ කර්මාන්තයේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධවල පවතින ගුණාත්මකභාවය සහ දැරිය හැකි මිල වෙළඳපල ප්‍රසාරණය වීමට මූලික හේතුව බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ අනුව ඉන්දියාව ගෝලීය ඖෂධ වෙළඳපොලේ ප්‍රමාණයෙන් සියයට 13 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද සඳහන්. ඉන්දියාව මේවනවිට සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් 200 කට අධික සංඛ්‍යාවක් සඳහා ඖෂධ සපයනු ලබනවා.
මෑතකාලීනව ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන්නේ ඉන්දියාවයි. ලෝකයේ එන්නත් අවශ්‍යතාවයෙන් 60% ක් සපුරා ලන්නේ ඉන්දියාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.