ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍ය පාක් ජින් අතර දුරකතන සංවාදයක් සිදුව තිබෙනවා.
එහිදී ඔවුන් වසර 50 ක් සම්පූර්ණ වන ඉන්දු – දකුණු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එමෙන්ම මෙම වසරේදී ඉන්දියාවේ පැවැත්වෙන ජි 20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේදී දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා පිළිගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබෙනවා.
එමෙන්ම කලාපීය හා ගෝලීය අර්බුද සම්බන්ධයෙන් මෙන්ම ඉන්දු පැසිෆික් කලාපයේ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය විසින් සාකච්චා කර තිබෙනවා