ඉතාලියට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහිදී ගංවතුර තත්ත්වයට හසුවී නිවාස වලින් බැහැර වීමට නොහැකිව සිටි පුද්ගලයන් 13,000ක් ගුවනින් රැගෙන ගොස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.
අධික වර්ෂාව හේතුවෙන් ඉතාලියේ නායයෑම් 280ක්ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.













