අමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ හැට දහසකට අධික සරණාගතයින් පිරිසක් අවතැන්ව සිටිනවා.
අමෙරිකාව පසුගියදා නව සංක්රමණ නීති කිහිපයක් හදුන්වා දුන් අතර මේ සමග සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙදෙකු දැඩි බලපෑමකට ලක්ව තිබුණා.
එම පිරිස් මෙලෙස ඇමෙරිකා සහ මෙක්සිකෝ දේශසීමාවේ රැදී සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
නව නීතිවලට අනුව ඇමෙරිකාවට නීති විරෝධිව ඇතුල්වන ඕනෑම පුද්ගලයෙකු පිටුවහල් කිරීමට හැකියාව පවතිනවා.