ඇමෙරිකාව විසින් වානේ සහ ඇලුමිනියම් සඳහා පනවා ඇති තීරු බදුවලට ප්‍රතිචාර වශයෙන් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අමෙරිකානු භාණ්ඩ සඳහා යුරෝපා සංගමයේ තීරු බදු, අගෝස්තු මස මුල දක්වා කල් දැමීමට යුරෝපා සංගමය තීරණය කළ බව එහි සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් නිවේදනය කර තිබෙනවා. මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගම් භාණ්ඩ සියල්ලටම පනවන බවට ප්‍රකාශ කළ සියයට 30 ක තීරු බද්ද පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගම් වෙළෙඳ අමාත්‍යවරුන් අද බ්‍රසල්ස්හිදී රැස්වීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත්, අමෙරිකාව විසින් පනවා තිබෙන ඉහළ තීරු බදු හේතුවෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල් දැඩි කණස්සල්ලෙන් පසු වන බවද සඳහන්.
ඒ අනුව මෙම සාකච්ඡාවලින් මතු වන තීරණ පිළිබඳ යුරෝපා සංගමයේ සාමාජික රටවල දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
උණුසුම් පුවත්
- වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයේ වෙඩික්කරු අල්ලයි
- ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් යානය තුළ දී පහරදීමක්
- විදේශ සේවා කාර්යාංශයේ සේවය කළ රියදුරකු මහා පරිමාණ ඊශ්‍රායල් රැකියා වංචාවක
- පාතාලයත් කුඩුත් අවසන් අදියරේ තියෙන්නේ
- ඇල්ල ඕඩිසි දුම්රිය පීලි පනියි
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවෙකු ජීවිතක්ෂයට
- කාලගුණයෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීමක්
- රෝහල්ගතව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනිය අත්අඩංගුවට













