තානාපතිවරයෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු සහ සභාපතිවරුන් 4 දෙනෙකු පත් කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, ඕමාන් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විජේසිංහ ආරච්චිගේ කපිල සංජීව ද අල්විස් මහතා නම් කිරීම කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.ඒ.එල්.එස්.එන්.කේ. මන්ත්‍රීනායක මහතා පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මියගේ පත්වීම් ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කර තිබෙනවා.
එමෙන්ම, ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා මහතා පත් කර ඇති බවයි වාර්තා වුනේ.
සීමා සහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ප්‍රියන්ත වෙදමුල්ල මහතායි.
සීමාසහිත හොටෙල් ඩිවලොපර්ස් ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීර් ඩී. සමරසිංහ මහතා සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ජයතිස්ස අනත්ත පතිරණගේ මහතා පත් කර තිබෙනවා.